සීගිරිය වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් කණඩායමක විසින් 16 වැනිදා පස්වරුවේ අම්පාර, පදියතලාව ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 40කට විකිණීමට සැලසුම් කර තිබූ
ඇත්දළ යුගළයක් සමග යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු, සිවිල් ආරක්ෂක සෙබළකු ඇතුළු 4දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පදියතලාව, කොලමන්තලාව, මහඔය, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර යුද හමුදා සෙබළුන් දෙදෙනා අම්පාර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්ත සෙබළුන් දෙදෙනෙකි. සිවිල් ආරක්ෂක සෙබළා ද පදියතලාව ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්ත සෙබළෙකි. අනෙක් අය පදියතලාව, කොලමන්තලාව පදිංචිකරුවෙකි. මොවූහු වයස අවුරුදු 30-40 අතර වයසේ පසුවන්නෝ වෙති.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධායකුට ඇත්දළ යුගළක් අලෙවි කිරීමට තිබෙන බවට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය දැනුවත් කර එහි වැටලීම් කණ්ඩායම සමග මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ඇත්දළ යුගලය මිලදී ගන්නා හෝටල් හිමිකරුවන් ලෙසිනි.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් තිදෙනකු හෝටල් හිමිකරුවන් ලෙස රඟපාමින් දුරකථන මාර්ගයෙන් සැකකරුවන් සමග ගනුදෙනු කතාබහ කරගෙන අවසානයේ ලක්ෂ 38කට ඇත්දළ යුගලයේ මිල අඩු කර එය මිලදී ගැනීම සඳහා යනවා මෙන් 16 වැනිදා පස්වරුවේ පදියතලාව ප්‍රදේශයට වාහනයකින් පිටත්ව ගොස් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සිව්දෙනා 17 වැනිදා දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පදියතලාව බඩල්කුඹුර තලවත්ත පදිංචි ජීවන් දිසානායක, උල්පත්ගම පදිංචි මංජුල පේ‍්‍රමකීර්ති, කොලම්න්තලාව පදිංචි නිමල් කුමරතුංග හා චානක නුවන් කුමාර යන සිව්දෙනාය.
සීගිරිය වනජීවී අඩවි ආරක්ෂක ආර්.එම්.සී.බණඩාරනායක, බුවනෙක කුලරත්න ,වන සත්ව නියාමක ඒ.එම්.එස්.බණ්ඩාර ඇතුළු ප්‍රධාන කාර්යාලයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
දඹුල්ල-සරත් එරමිනිගම්මන