https://www.gossiplankanews.com/2019/08/4-arrested-for-baticaloa-incident.html#more
ඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්  එල්ල කළ මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ(28) සිදුකළ උද්ඝෝෂණය නිසා ප්‍රදේශයේ නීතිය හා සාමය බිඳ වැටීම හා මාර්ග තදබදයක් අනිසි ලෙස ඇති කිරීමේ වරදට
ඊට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් සහ තවත් සිව් දෙනකුට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කළ බව වාර්තා වෙයි.මඩකළපුව - කොළඹ මාර්ගය අවහිරවන සේ ටයර් පුළුස්සා දමමින් නොසන්සුන් හැසිරීම ගැන පැමිණිල්ල සිදු කර තිබුනේ පොලිසියයි.


 මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස මෙතෙක් කල් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබූ නමුත් එය කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට කටයුතු කරන්නට යන බව අසා මේ අය විරෝධතාවේ නියුතු විය.
විරෝධතාකරුවන් විසුරුවාහැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවේය.
පොලීසිය සඳහන් කළේ විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කරන අතරතුර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලැබූ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මේ ගැන පවසා ඇත්තේ
“අපේ ජනතාව මරපු තැනටම ඇවිත් ත්‍රස්තවාදීයාව භූමිදාන කරලා තියෙනවා. කිසිම නීතියක් න්‍යායක් නැතුව කරපු වැඩක්. පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් දැනුවත්ව තමයි මේ දේ සිද්ධ වුණේ. මේක අපේ ජනතාවට කරපු ද්‍රෝහිකමක්. ත්‍රස්තවාදියාව මෙතන වලදාපු අයම මේක මෙතනින් අයින් කරන්න කටයුතු කළ යුතුයි“

යනුවෙනි.කෙසේ වෙතත් චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති දිස්ත්‍රික් ලේකම් වරයා පවසා ඇත්තේ
“මට එල්ලවන චෝදනා වැරදියි.මේ ශරීර කොටස් වලදාන්න ඕනේ කියුවාට ඒකට තැනක් ගැන මම කිසිම තැනක යෝජනා කරලා  නැහැ“ යනුවෙනි.