වීරකැටිය, වෑකදවල නිවසකට ඇතුළු වී වයස අවුරුදු 3ක දැරියක් කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 5000ක දඩයක් භා අගතියට පත් ඇයට රුපියල් ලක්ෂ 2 1/2ක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඊයේ (22දා) නියෝග කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ වීරකැටිය, මොරයාය, වෑකදවල පදිංචි වර්ෂමානගේ ජයවීර නොහොත් චණ්ඩි සීයා නමැති 52 හැදි පුද්ගලයකුටය.

සැකකාර පුද්ගලයා 2013-09-13 වැනි දින අසල්වැසි නිවසකට ඇතුළු ඒ නිවසේ කුස්සියේ සිටි වයස අවුරුදු 9ක දැරියක බරපතළ ලිංගික

අපයෝජනයට ලක්කර තිබේ. පසුව ඇයගේ මව අදාළ සිදුවීම සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියට සිදුකරන ලද පැමිණිල්දකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. එහිදී පැවැති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා සැකකරුට එරහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර නඩු විභාගය අවසානයේ සැකකරු අදාළ චෝදනාවට වැරැදිකරු බවට පත්විය.

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව රුපියල් දහසක මුදලක් අධිකරණයේ තැන්පත් කරන ලෙසද මහධිකරණ විනිසුරුවරයා සැකකරුට නියම කළ අතර එය නොගෙවන්නේ නම් මාස තුනක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි. එමෙන්ම සැකකරුව මේ හා සමානව තවත් පෙර වැරැද්දක්ද පවතීම හේතුවෙන් ඉහත සඳහන් සියලු දඩ, සිරදඬුවම් හා වන්දිවලට අමතරව රුපියල් 25,000ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කළ අතර එය නොගෙවන්නේනම් තවත් එක් වසරක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරිණි.

මීට අමතරව දඩ හා වන්දි මුදල් නොගෙවන්නෙනම්  නම් ඊට අදාළ සිර දඬුවම් මුලික වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කාලය අවසන්වීමන් පසුව ක්‍රියාත්මක විය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අන්බෝ පණ්ඩිතරන්න මහතා පැමිණිල්ල මෙහෙවූ අතර විත්තිය වෙනුවෙන් නීතිඥ මනෝරි මහත්මිය සමඟින් සුජිත් ප්‍රසන්න ලියනාරච්චි මහතා පෙනී සිටියේය.

මත්තල - ඩි.එන්. ජයසේකර