මෙම සිද්ධිය සිදුව ඇත්තේ මීට මාස 8 කට පමණ පෙර
පසුගිය 2019 ජනවාරි මාසයේය.
ඉකුත් ජනවාරි මාසය තුළදී ආයතනයේ කළමනාකරු සේවකයන් තිදෙනකු ලවා අවස්ථා අටකදී පමණ රන් භාණ්ඩ සොරකම් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මේ බව 2019 ජනවාරි 14දා ආයතනයේ හිමිකරු රන් භාණ්ඩ ගබඩා කර තිබූ ස්ථාන පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබී ඇති අතර
ඒ පිළිබඳව කළමනාකරුගෙන් විමෂූවත්තමන් කිසිවක් දන්නේ නැති බව කියා ඇත.
ඒ අනුව හිමිකරු ඉන්වෙන්ට්‍රි පරීක්ෂාවක් කිරීමට සැලසුම් කර තිබී ඇත. එහිදී අනිවාර්යෙන්ම තමා හසුවන බව දැන සිටි කළමනාකරු
රන් භාණ්ඩ සොරකම වසන් කිරීමේ අරමුණින් හිමිකරු මරාදමන්නට මෙම උපාය යෙදූ නමුත් වස මිශ්‍ර වතුර වීදුරුව අනෙක් පුද්ගලයා පානය කිරීමෙන් ඔහු දැඩි ලෙස ගිලන්ව එම අවස්ථාවේ රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.හෝමාගම රෝහලට ඇතුළත් කර මිය ගොස් තිබූ මෙම තැනැත්තා ගැනසිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී වස ශරීරගත වීමෙන් මරණය සිදුව ඇති බවට වාර්තා වී ඇත.
ඔහු මෙසේ මියයාම ගැන සිදු කළ පරීක්ෂණ වලදී එදින නිවසේ රැඳී සිටි කළමනාකරු ගැන පොසියට සැක පහළවී තිබූ අතර ඒ වනවිටත් ඔහු අතුරුදන්ව සිටියේය.
ආයතනයේ කළමනාකරු ලෙස සේවය කළ හැටන් ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයා පසුව පොලිසිය සිදු කළ සෝදිසි වලින් පසු අත්අඩංගුවට ගන්නට හැකිවූයේ මාස 8 කට පසුවය.
ඔහු තමා තම හිමිකරු ඝාතනය කරන්නට උත්සාහ කළ බවද පිළිගෙන තිබෙන අතර රුපියල් ලක්ෂ දහඅටක් වටිනා රන් භාණ්ඩ සොරකමට සහයදුන් සිවුදෙනකු ගැනද
ඒ අනුව සොරකමට සම්බන්ධ බවට සැකකෙරෙන, සේවයෙන් පලාගොස් සිටි පිළියන්දල, බදුල්ල සහ පස්සර
යන ප්‍රදේශවල පදිංචි තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එහිදී කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කළමනාකරුගේ උපදෙස් මත විටින් විට රන් භාණ්ඩ සොරාගෙන උකස් කළ බවට කරුණු අනාවරණය කරගත් බවත් ඊට අදාළ රිසිට් පත් සැකකරුවන් ළඟ තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි.
ඒ අනුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ අලෙවි සල්වලට උකස් කර තිබූ කාන්තා මුදු 5ක්, පිරිමි මුදු 3ක්, රන්
මාල 8ක්, අත් පලඳනා 5ක්, රන් වළලු 2ක් සහ රන් පෙන්ඩන්ට් 6ක් පොලිසිය මඟින් සොයාගත් බව පොලිසිය
පවසයි.මෙසේ සොයාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් දාහත් ලක්ෂ හතළිස් දාහක් පමණ වන බවත් රන් පවුම් 29ක් පමණ එහි තිබූ බවත් පොලිසිය කියයි.
ඒ අනුව සැකකරුවන් සහ භාණ්ඩ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පන්නිපිටිය - හෂාන් පුෂ්පික