https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNc_sTyseVwpw297Sb4JdITIZ48diJ4vio8rcEPc8yETUtSGZP0JRRbn74gP2plqn85LLZimcpaj46VjQcgdYiI_TTftTtPEeOnFFLqalRYge2Ma_GYFdYRjEopGPBBopQ4ReK-ynUdtl1/s1600/more5.gif
නියම් සැමියා සමඟ ගිය තම බිරිය ඉල්ලා බිම පෙරළී වැලපුණු තෙලිඟු ජාතිකයකු පිළිබඳ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ. වසර පහක ප්‍රේම සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස තඹුත්තේගම කුඩාගම
තෙලිඟු ජාතික යුවළක් විවාහ වී ඇත. විවාහයෙන් ඔවුන්ට දියණියක් ඉපදී ඇති අතර ඇගේ වයස මේ වනවිට අවුරුදු 7කි.
කාලය ක්‍රමයෙන් ගතවෙද්දී එම ගම්මානයේම පදිංචි නයි නැටවීම ජීවිකාව කරගත් වෙනත් තෙලිඟු ජාතිකයකු සමඟ මෙම කාන්තාව ප්‍රේම සම්බන්ධතාවක් පටන්ගෙන එය හොර රහසේ පවත්වාගෙන ගොස් තිබිණි.

පසුගිය මාසයේ මෙම කාන්තාව ඇගේ වැඩිමහල් සහෝදරයා හා ඔහුගේ බිරිය සමඟ කඩල අලෙවි කිරීම සඳහා කතරගමට ගොස් ඇති අතර එහිදී මෙම කාන්තාව නිතර නිතර අනියම් සැමියා සමඟ දුරකථනයෙන් කතා කරන අයුරු දුටු සහෝදරයා ජංගම දුරකථනය පොළොවේ ගසා තිබේ.

වෙනත් දුරකථනයකින් අනියම් සැමියාට ඇමතුමක් ගෙන ඔහු මාතරට ගෙන්වා ගෙන දින කිහිපයක් කාමරයක් කුලියට ගෙන එහි ජීවත්ව තිබේ. අනියම් සැමියා ඔහුගේ බිරියට පවසා ඇත්තේ නයි නැටවීම සඳහා තමාට දුර බැහැර යෑමට සිදුවන බවයි.


මේ කිසිවක් නොදත් නීත්‍යනුකූල සැමියා තම දියණියද බලා ගනිමින් නිවෙසේ සිටින අතරවාරයේ කතරගම කඩල විකිණීමට ගිය බිරිය ගැන ඔහුට දැනගන්නට ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් සැමියා තඹුත්තේගම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය දෙපාර්ශ්වයම කැඳවා පැමිණිල්ල විභාග කිරීමේදී නීත්‍යනුකූල සැමියා බිරිය ඉල්ලා ඇති අතර ඇය කිසිසේත්ම අනියම් සැමියා අතහැර යෑමට අකැමැති විය. එහිදී ඇය පවසා ඇත්තේ වසර ගණනාවක් විවාහ වී සැමියා සමඟ සිටියද අනියම් සැමියාගෙන් ලැබෙන සතුට කිසිදු දිනක නීත්‍යනුකූල සැමියාගෙන් නොලද බවය. එමෙන්ම තමන් හා අනියම් පුරුෂයා සමඟ මීට පෙර අනියම් සම්බන්ධයක් නොතිබුත් සැමියාගේ හා ඥාතීන්ගේ සැකය නිසා
එවැන්නක් ඇති වූ බවය.

අනියම් සැමියාගේ බිරිය මේ වනවිට පිළිකා රෝගයකින් පෙළෙන අතර රෝගී කාන්තාවද තම සැමියා තමන්ට ලබාදෙන ලෙස පොලිසියෙන් දැඩිව ඉල්ලා ඇත.
අනියම් සැමියාගේ තීරණය වී ඇත්තේ තම නීත්‍යනුකූල බිරියත්, අනියම් බිරියත් යන දෙදෙනාම එකම නිවෙසේ නතර කර ගැනීමටයි. මේ ගැන නීත්‍යනුකූල බිරියගේ විරෝධයක් තිබී නැත.නීත්‍යනුකූල සැමියා මහ පොළොවේ පෙරළෙමින් වැලපෙද්දී අනියම් සැමියා තම බිරිය සමඟ අනියම් බිරියද පොලිසියෙන් පිටවී ගියහ.

තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. සුනිල් මහතා සැමියාට
සිවිල් නඩුවක් අධිකරණයේ පවරන ලෙස උපදෙස් දී ඇත.

රාජාංගණය - කේ.එම්. චන්දික