එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා නම්කර තිබේ.
1999 චන්ද්‍රිකා කුමාරතුංග

ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙයය.
 ආචාර්ය අජන්තා පෙරේරා පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම උපදේශිකාවක ලෙස ද කටයුතු කර තිබේ. ඇය, ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව ඇය ප්‍රකටය.
 ඇය මෙසේ කියන්නීය.
"අම්ම තමයි පවුලක වුණත් ප්‍රධානියා ලෙස කටයුතු කරගෙන ඒ රටට දර්ශනයක් දෙන්නේ. ඒ නිසා අම්ම කෙනෙක්ට රටට දර්ශනයක් දෙන්න අමාරු නැහැ. අම්මාවරුන් වාසනාවන්තයි මේ ලංකාව ගොඩනගන්න අම්ම කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු වාසනාවක්.
මගේ බලාපොරොත්තුව තමයි කාන්තාවන් ඉදිරියට ගෙන ඒම. අපිට අවශ්‍ය යම් දැක්මක් ඇති කාන්තාවන් පිරිසක්. කාන්තාවන්ට දේශපාලනයේ ඉදිරියට යන්න යම් අවහිරතාවක් තියෙනවා. ඒ නිසා බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ,"