අරලගංවිල
තරුණිය තම නිවෙසේ සිට කිසියම් අවශ්‍යතාවක් සඳහා නගරය වෙත යාමට ගුරුපාරක් ඔස්සේ සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අතර මගදී සැකකරු යතුරු පැදිය නවත්වන ලෙස තරුණියට පවසා තිබේ.තමන්ටද අතර මහ පිහිටි කුඹුරට යාමට අවශ්‍ය බව පවසා එතැනින් බස්සන ලෙස ඉල්ලා යතුරු පැදියට ගොඩ වී තිබෙන අතර එසේ යන අතර මගදී තරුණිය බලහත්කාරයෙන් කැලෑවකට ඇදගෙන ගොස් මේ අතවරය සිදුකර තිබෙන බව පොලිසිය
සිදු කළ විමර්ශන වලදි හෙළිවී ඇත.
මේ අපරාධය සිදු කිරිමෙන් අනතුරුව සැකකරු තරුණියගේ ගෙල පැළඳ සිටි රුපියල් 60,000ක් පමණ වටිනා රන් මාලයක් ද පැහැරගෙන තිබෙන බව පොලිසිය සඳහන් කළේය. මේ සම්න්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණියගෙන් මංකොල්ල කන ලද රන් දම්වැලද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ. අතවරයට ලක් වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.
-පොළොන්නරුව කරුණාරත්න-