ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්  කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ඇතුළු පිරිසක් විසින් වවුනියාවේ දුෂ්කර ගම්මානයක පන්සලකට අවශ්‍යව තිබු චෛතයක් ඉදිකිරීම්
වෙනුවෙන් මුල්ගල තැබීය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතා විසින් අලගල්ල, තීරුවේගම විහාරස්ථානයට අවශ්‍යව තිබූ චෛත්‍ය ඉදිකිරීම් පිළිබඳව සොයා බලා එයට මුල්‍යාධාර ලබාදෙන පිරිස් දැනුවත් කිරීමෙන් පසුව මෙසේ චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් මූල්‍යාධාර ලැබී ඇත.


ඒ අනුව ඉදිකිරීම් වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදෙන තිලකරත්න ඩිල්ෂාන්, ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලාධාරී අනුර එළියපුර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් හා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා 21 වන සේනාංකාධිපති මේජර් ජනරාල් කුමාර් ජයපතිරණ, සිවිල් සම්බධිකරණ නිලධාරී ලූතිනන් කර්නල් ලාල්කිත්සිරි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඉදිකිරීමට නියමිත නව චෛතය වෙනුවෙන් මුල් ගල තැබීය.
චෛත්‍ය ඉදිකිරීමට මූල්‍ය  දායකත්වය ලබා දීමට අමතරව චෛත්‍ය ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ යුද හමුදා ශ්‍රම දායකත්වයෙනි.

වවුනියාව -මධුෂංඛ අමරසිංහ