කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මෙම ප්‍රතිකාර
මධ්‍යස්ථානය මගින් වීදුරු නළ තුළ සංසේචනය සදහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත් වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවළ සදහා සේවා සැපයීමට නියමිතය.
එම මධ්‍යස්ථානය වෙනමම නව දෙමහල් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේත්නාරත්න මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.