පෙරේදා (12) රාත්‍රියේ
හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාළියෙකුගේ පාදවලට සමාන බව වන ජීවී නිලධාරීන් සදහන් කර ඇත. සෙන්ටිමීටර් 109 ක් බැගින් වන පියාපත් දෙකක්ද මෙම පක්ෂියාට පිහිටා ඇති අතරමෙම පක්ෂියා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා තව දුරටත් උත්සාහ කරන බව වන ජීවී නිලධාරීන් සඳහන් කර සිටී.
ආනවිළුන්දාව කුරුළු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් ද සඳහන් කර තිබේ.
මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කර තිබේ.