රතුපස්වල උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම සහ ගාලු
වරායට නුදුරු මුහුදේ ඇවන්ට්ගාඩ්
නෞකාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම යන සිද්ධීන්ට අදාල නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක් නම් කර ඇත.

මෙම අපරාධ සිද්ධීන් විශේෂ අපරාධ සිද්ධීන් ලෙස සළකා එම නඩු  විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා මීට පෙර අවස්ථාවක කරන ලද ඉල්ලීම් පිළිගනිමින් අදාළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.