මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ11 පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇතැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.
සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂය පාවා දීම ලංකාවේ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණයක් යැයි කී හෙතෙම බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන් ඊළඟ මහමැතිවරණයේදී ජනතාව තීරණයක් ගනු ඇතැයි ද අවධාරණය කර කීය.
එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා යන දේශපාලකයන් ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ ද දිගින් දිගටම කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වමින් යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.
ජනාධිපතිවරණයෙන් දේශපාලනය අවසන් නොවන්නේ යැයි ද ඉන් පසුවත් පක්ෂයට නායකත්වය දෙන්නට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකි යැයි ද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(බිඟුන් මේනක ගමගේ)