එක්සත් අරාබි එමීර් රාජයේ  ඩුබායි නුවර පාලකයා වන ෂෙයික් මොහොඩ් බින් රෂිඩ් අල් මක්ටොයුම්ගේ බිරිද වන හායා බින් අල්  හුසේන් කුමරිය තමන්ව බලහත්කාරී විවාහයකින් ආරක්ෂා කරගන්නා ලෙස තීන්දුවක් ලබා දෙන මෙන් බ්‍රිතාන්‍ය මහාධිකරණියෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි වාර්තාවේ.
පසුගිය අගහරුවාදා අදාළ නඩුව විභාගයට ගැනීම ආරම්භ විය. ඒ අනුව අල් මක්ටොයුම්ගේ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරන එමීර් රජ පවුලට අයත් තෙවැනි කාන්තා සාමාජිකාව බවටද ඇය පත්ව සිටින්නීය.

 ඒ අනුව අල් මක්ටොයුම්ගේන් තමන්ට එල්ල විය හැකි තාඩන පීඩනයකින් ආරක්ෂා කර දෙන ලෙස ඇය බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් ඉල්ලීම සිදු කර තිබේ.

මෙලස බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක බලහත්කාරී විවාහය වැළක්වීමේ නීතිය යටතේ යම් බලහත්කාරී විවාහයක් යටතට පත්වීමට නියමිත හෝ දැනටමත් බලහත්කාරී ලෙස විවාහයකට යටත් වුණු පුද්ගලයෙකු ආරක්ෂා කිරීමේ බලය පවතී.


45 හැවිරිදි හා හායා 70 හැවිරිදි අල් මක්ටොයුම්ගේ හයවැනි බිරින්දෑද අභාවප්‍රාප්ත හුසේන් රජුගේ දියණියක් වන ඇය එරට අබ්දුල්ලා රජුගේ අර්ධ සහෝදරියක්ද වෙයි.

මේ වනවිට අල් මක්ටොම්යුම් හට බිරින්දෑවරුන් කිහිප දෙනෙකුගෙන්ම බ්‍රිතානය ළමුන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් සිටින බවත් පැවසෙයි.

හයා කුමරීටත් අල්  මක්ටොම්යුම්ටත් දාව දරුවන් දෙදෙනකුද සිටින අතර එම දරුවන් සඳහාද අවශ්‍ය පහසුකම් සලසන ලෙස කුමරිය මෙහිදී ඉල්ලා තිබේ.

එහෙත් එය විනිසුරුවරයා අතින් ප්‍රතික්ෂේප වී තිබේ.

හායා කුමරියගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාලය, එය එක් තැනැත්තියකගේ පුද්ගලික කාරණාවක් බවත්, ඊට එක්සත් අරාබි එමීර් රජය මැදිහත් නොවන බවත් පවසා ඇත.

හිටපු ඔලිම්පික් කමිටු සාමාජිකාවක වන හායා කුමරිය හා ඔක්ටොම්යුම් අතර වීවාහය සිදු වූයේ 2004 වසරේදීය.   කලක් බ්‍රිතාන්‍යයේ පදිංචිවී සිටි ඇය වසර 2000දී සිඩ්නි නුවරදී පැවැත්වුණු ඔලිම්පික් උළෙලේදී අසුන් පැන්නීමේ ක්‍රීඩාවටද සහභාගි වූවාය.

එම අවස්ථා කිහිපයකදීම ඇය බ්‍රිතානයේදී පැවැත්වුණු එවැනි බ්‍රිතාන්‍ය රෝයල් ඇස්කොට් තුරග තරඟ සදහාද සිය ස්වාමියා වන ඔක්ටොයුම් සමගින් සහභාගි වී තිබේ.

ඒ අනුව හායා කුමරිය දැනට පතා ඇති අධිකරණයේ පිහිටත් සමගින් ඉදිරියටත් බ්‍රිතාන්‍ය තුළ වාසය කිරීමට සූදානමින් සිටියි. එහෙත් ඇගේ ස්වාමියා ඇයට යළිත් ඩුබායි නුවර වෙත පැමිණෙන ලෙස පැවසුවහොත් එය බ්‍රිතානයත් එක්සත් අරාබි එමීරයත් අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලූවක් දක්වා දරුණු විය හැකි බව මාධ්‍යයේ අදහස වී තිබේ.