පසුගිය කාලයේ පාස්කු ප්‍රහාර හේතුවෙන් වෙඩිබෙහෙත් හා පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමේ රෙගුලාසි සංකීර්ණවී ඇත. මේ හේතුවෙන් එම කර්මාන්ත සිදුකරන අය අපහසුවට ලක්ව ඇත.
ප්‍රමාණවත් පරිදි වෙඩි බෙහෙත් සහ අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලබානොදීම හේතුවෙන් කළුගල් කර්මාන්ත කරුවන් දැඩි අසීරුවට ලක්ව සිටිනු බැව් ගාල්ල දිස්ත්‍රික් කළුගල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති දේශබන්දු රංග වඩුවත්ත මහතා සඳහන් කරයි.
එම මහතා මේ අදහස් පළ කළේ පොරේදා (20දා) කළුගල් කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම් වෙනුවෙන් ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංග වඩුවත්ත මහතා මෙසේද පැවසීය.
අපිට ඕන වෙඩිබහෙත් ගන්න සතියකට දවස්
මේ බලපත්‍රයකට ඩයිනමයිට් කිලෝ පහක් ඩෙටනේටර් පනහක් පමණ තමයි ලැබෙන්නේ. ඇමෝනියා කිලෝ විසිපහක් සහ නූල් කෑලි දහඅටක් තමයි ලැබෙන්නේ.
මේ බෙහෙත්වලින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ දින දෙකක් හෝ තුනක්. මේ නිසා වෙඩි බෙහෙත් හිඟකම නිසා සතියකට දින හතරක් සේවකයන්ට වැඩ නැතිව ඉන්න තමයි වෙන්නේ.
අපි බල පත්‍ර ගන්න ඕනේ පුරාවිද්‍යා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, භූ විද්‍යා හා පතල් කැණීම් අධිකාරියෙන් හා ජල සමිපත් මණ්ඩලයෙන්, ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න වෙනවා.
අපිට හම්බවෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය මදි. ලබාදෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය වැඩි කරලා දෙන්න කියලා අපි ඉල්ලනවා. ලීසිං ගෙවා ගන්න විදියක් නෑ. ආයතන ඉක්මනින්ම බලපත්‍ර ලබාදන ක්‍රමයක් හදලා තියෙනවා නම් හොදයි. අපිට ලැබෙන වෙඩි බෙහෙත්වලින් පිපිරවීම් කරන්න පුළුවන් වෙන්නේ සතියකට කියුබ් අසූ පහයි. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කළුගල් සැපයීමට මේ තත්වය යටතේ නොහැකි වෙනවා.
මාපලගම් - රසික සෙනවිරත්න