එම නිසා ඒවා මැඩලීමට පියවර ගත යුතු බව ද එම කොමිෂන් සභාව පවසයි.
මේ පිළිබඳව දේශපාලන පක්ෂ සමාජ ජාලා විෂය භාර නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ සදහා ෆේස්බුක් හිමිකරුවන්ගේ සහ තොරතුරු තාක්ෂණික විශේෂඥයන්ගේ සහාය ද ලබාගැනීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ
කොමිෂන් සභාව කියයි. පුද්ගලයින්ගේ ප්‍රකාශනයේ නිදහසට බාධා නොවන අයුරින් මෙම සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද කොමිෂන් සභාව පවසයි.