යෝජනා ක්‍රමයෙන් ණය ඉල්ලුම්කරුවන්ට ණය අනුමත කර ඇති බවත් ඒ සඳහා කිසියම් මුදලක් ලබා දෙන ලෙසත් පවසමින් කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඉදිරිපත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මුදල් අමාත්‍යාංශය මහජනතාවට අවධාරණය කරයි.
අදාළ ණය යෝජනා ක්‍රමයෙන් ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි. යොමු කර ඇති සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබද තහවුරු කරගත් තොරතුරු අනුව මුදල් අමාත්‍යාංශය මේ බව ඊයේ (31) නිවේදනය කළේය.
මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ණය නිකුත් කිරිමේ නිෂ්කාශන අංශයේ අධ්‍යක්ෂ වශයෙන් ව්‍යාජ ලෙස පෙනීසිටින ජයම්පති කරුණාමුණි නම් පුද්ගලයෙකුද, චන්ද්‍රා ජයසිංහ යන ව්‍යාජ නමකින් පෙනී සිටින පුද්ගලයෙකු ඇතුළු කණ්ඩායමක් අදාළ ලිපි යොමු කර ඇත. ඒ සම්බන්ධයෙන් තහවුරු කරගත් සාක්ෂි මුදල් අමාත්‍යාංශය වෙත ලැබී තිබේ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශයෙන් ණය ඉල්ලුම්පත් ලියාපදිංචි කිරීම පමණක් සිදු කරන බවත් ණය නිකුත් කිරීම හෝ ඒ සදහා නිර්දේශ ලබාදීම මුදල් අමාත්‍යාංශයෙන් සිදු නොකරන බවත් ඒ සදහා අමාත්‍යාංශය මුදල් අයකිරීමක් සිදු නොකරන බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටියේය.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ලබා දෙනුයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙතින් පමණක් වන අතර අදාළ බැංකු පරිශ්‍රය තුළ සේවය කරන නිත්‍ය කාර්ය මණ්ඩලය සමග පමණක් ගනුදෙනු කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය එම නිවේදනයෙන් අවධාරණය කරයි.
-ශිවන්ති ප්‍රනාන්දු-