ෆේස්බුක් (මුහුණු පොත) ඔස්සේ යහළු වූ තරුණියගේ පිටුපෑම ඉවසාගත නොහැකිව ඊයේ (27දා) අලුයම 18
හැවිරිදි පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාන්ඇළ පොලිසිය කියයි. මෙසේ මියගොස්
ඇත්තේ වාන්ඇළ
ඩෝසර් පාරේ පදිංචි කන්තලේ උසස් විදුහලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි එච්.එම්. අමිල නිරෝෂන් යන සිසුවායි.
මීට වසරකට පමණ ඉහතදී මුහුණු පොත ඔස්සේ මෙම  දෙදෙනා යහළු වී ඇති අතර මියගිය දින රාත්‍රි 10
වනතුරු එස්.එම්.එස්. මඟින් පණිවුඩ යවමින් සිට ඇති බවත් ඇති වූ යම් අමනාපයක් හේතුවෙන් සිය කාමරයේ බාල්කයේ නයිලෝන් ලණුවකින් ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවත් පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය කන්තලේ මූලික රෝහලේදී ඊයේ සිදුකිරීමට නියමිතව තිබිණි.
වාන්ඇළ පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

කන්තලේ - ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ