බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයට
මුල්ගල තැබීම පසුගිය සිකුරාදා මහානගර ඇමති චම්පික

රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
මෙම විනෝදාත්මක උද්‍යානය තුළ
කුඩා දරුවන්ට විනෝද විය හැකි  විනෝද උද්‍යාන අංග නවීන තාක්ෂණය සමග ඉදිකෙරෙන අතර මෙහි ශ‍්‍රී ලංකාවේ උසම ෆෙරිස් රෝදයද නිර්මාණය වේ. හිම උද්‍යාන, ජල ක‍්‍රීඩා උද්‍යාන ඇතුළු විනෝදාංශ රාශියකින් සමන්විතව මෙය අන්තර්ජාතික විනෝද උද්‍යානයක් ලෙස ඉදිකෙරෙනු ඇති බව මාධ්‍ය හමුවේදී අදහස් පළ විය.