අවුරුදු තුනක් තිස්සේ එකට ජීවත් වී එක් දිනක්වත් අඹු සැමියන් ලෙස ජීවත් නොවූ අපුරු යුවළක් පිළිබඳ පුවතක් තඹුත්තේගමින් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ඇය අවුරුදු 20ක් වයසැති තරුණියකි. තරුණයා අනුරාධපුර
ගල්කුලමේ පදිංචි 25 හැවිරිදි අයෙකි. තරුණිය තඹුත්තේගම නගරයේ වෙළෙඳසලක සේවිකාවක ලෙස
සේවය කරන අතරතුර එවකට බස් කොන්දොස්තර කෙනකු ලෙස සේවය කළ තරුණයා ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබිණි.

තරුණයා ඒ වනවිටත් පළමු විවාහයෙන් වෙන්ව ජීවත් වුවද නීත්‍යනුකූලව වෙන්වී නොසිටි අයෙකි. ප්‍රේම
සම්බන්ධතාවෙන් පසු ඔහු නිතරම
තරුණියගේ නිවෙසට පැමිණ ඇති අතර සම්බන්ධයට තරුණියගේ මවුපියන්ගේද විරෝධයක් එල්ල වී නැත. කලක් ගතවෙද්දී ඔවුන් දෙදෙනා වෙනම ජීවත් වීමට පටන්ගෙන ඇති අතර පසුගියදා තඹුත්තේගම නගරයේදී තරුණියක් හඬමින් සිටියදී ජංගම පොලිස් සේවයේ යෙදී සිටි නිලධාරීන් දෙසට දිවවිත් නිතරම තම ස්වාමියා තමන් සැක කරමින් ජංගම දුරකථනය පරීක්ෂා කරන බව පවසා තිබේ.
පොලිස් නිලධාරීන් ඇය තඹුත්තේගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ඉදිරිපත් කර ඇත.
ඇගේ කීම නිසා තරුණයාද ඒතැනට ගෙන්වා ප්‍රශ්න කිරීම අරඹා ඇත.ඒහිදී
උ.පො.ප. සුනිල් මහතා ඔවුන්ගෙන් කරුණු විමසීමේදී තරුණිය පවසා ඇත්තේ, අවුරුදු තුනක් තිස්සේ තමන්
තරුණයා සමඟ ජීවත් වුවද තමන් තවමත් පිරිසුදු බවය. එහෙත් ඔහු තමන්ට වෙනත් පිරිමින් ඇති බවට සැක
කරමින් තමන් සමඟ රණ්ඩු වන බවයි. තරුණයා පවසා ඇත්තේ, තමන් කලින් විවාහ වී සිටි බිරියගෙන්
නීත්‍යනුකූලව වෙන් වනතුරු තරුණිය සමඟ අඹුසැමියන් ලෙස එක් නොවන බවකි. තමන් දැඩි ලෙස මෙම
තරුණියට ආදරය කරන නිසා ඇය පිළිබඳව සැකයක් හට ගැනීම සාධාරණ බවකි.
අදාළ තරුණියගේ මවුපියන් කැඳවා දැඩි ලෙස අවවාද කර තරුණිය මවුපියන්ට භාරදීමට උත්සාහ කළද ඇය
අදාළ තරුණයා සමඟම යෑමට කැමැත්ත පළකර ඔහු සමඟම ගොස් ඇත.


රාජාංගණය - කේ.එම්. චන්දික