පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක
තමන් වෙත ලැබී තිබෙන තොරතුරු අනුව තමන්ටත් ඩග්ලස් දේවානන්ද මහතාට සහ කරුණා අම්මාන්ටද මෙම තර්ජනය එල්ල වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් කළ බව සතිඅන්ත පුවත්පතක් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබේ. ස්නයිපර් ගිනි අවියක් සහ මැලේසියාවෙන් ගෙන්වන ලද විශේෂිත වර්ගයක තුවක්කු මෙම ප්‍රහාරය සඳහා යොදවා ගැනීමේ උත්සාහයක් ඇතැයිද හෙතෙම සඳහන් කර තිබේ.
රාජපක්ෂ මහතාගේ පැමිණිල්ලෙන් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන අධ්‍යක්ෂවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇතැයි ආරංචි මාර්ග කියයි.