ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස නම් කළ ගෝඨාබය රාජපක්ෂ පිළිගැනීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලුම
පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කර තිබේ. එසේ කර ඇත්තේ ඡන්ද නීති උල්ලංඝනය හෝ වෙනත් කිසිදු නීතිමය ගැටලුවක් නිසා නොව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ උපදෙස් අනුවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

රාජපක්ෂගේ කීම මත ලක්ෂ ගණන් වැය කර සකසා සරසා තිබුණ මෙම ප්‍රදර්ශන පුවරු ඉවත් කළ අතර  ඉදිරියේදී මෙම වැඩසටහන අනෙකුත් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කරන බව නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික්, පොලිතීන් හා පොස්ටර් භාවිතයෙන් තොරව සිදුකරන බවට පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශකළ අතර එය ප්‍රවර්ධනයට පෙරපුරුදු පාක්ෂිකයින්ගේ අමතකවීම මත මෙම දේවල් සිදු කර ඇති බව වාර්තා විය.