විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය
පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 9.30 සිට 10.15 දක්වාත්, දෙවැනි ප්‍රශ්න පත්‍රය උදෑසන 10.45 සිට මධ්‍යහන 12.00 දක්වාත් කාලය තුළ පැවැත්වෙන බැවින් සියලු දරුවන් උදෑසන 9.00ට පෙර විභාග මධ්‍යස්ථානවලට රැගෙන ඒමට දෙමවුපියන් කටයුතු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. මෙහිදී ෆයිල් කවර රැගෙන ඒමට නොහැකි බවත්, එහෙත් පිළිතුරු ලිවීම සඳහා පැන්සලක්, කළු හෝ නිල් පෑන් රැගෙන ඒමට හැකියාව තිබෙන අතර, කටුවැඩි කිරීම සදහා විභාග දෙපාර්තමේන්තුවෙන් කොළ ලබාදෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
කිසිදු දෙමවුපියකුට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට නොහැකි බවත්, ඒ නිසා අවශ්‍ය නම් දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් ලබාදිය හැකි බවත් සනත් පූජිත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
-ඉන්දික හේවාවිතරණ-