රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම යටතේ පසුගිය දිනවල බදවාගත් සැලකිය යුතු පිරිසකට අදාළ ආයතන තුළ රාජකාරී කිරීමට අවශ්‍ය පුටුවක් හෝ මේසයක් තවමත් ලැබී නොමැති බව සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.

එබැවින් උපාධිධාරින් අදාළ ආයතනවල
රැස්වීම් ශාලාවල හා වෙනත් පොදු ස්ථානවල අසුන් ගැනීමට පවා සිදුව තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අශෝක රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රාජකාරී ලැයිස්තුවක් සකස් කර පුරප්පාඩු ගණනය කර අදාළ ආයතනවලට පත්වීම් සිදුකළ යුතු වුවද, එවැනි වැඩපිළිවෙළක් සකස් නොකර  බඳවා ගැනීම සිදුකිරීම නිසා රටේ උගත් පිරිස මේ ආකාරයට අපහසුතාවන්ට මුහුණදී සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

මේ හේතුව නිසා මෙම පිරිසට කඩිනමින් රාජකාරී ලැයිස්තුවක් සකස් කරදී, අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවත්, මින් ඉදිරියට බඳවා ගැනීම් සිදුකිරීමේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් යටත්තේ එය සිදුකළ යුතු බවත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ