https://www.gossiplankanews.com/2019/08/hanwella-double-murder.html
ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ රියදුරු ක්‍රියාදාම චිත්‍රපට ජවනිකාවක ආකාරයෙන් ඝාතනය කිරීමේ සිදුවීමක් හංවැල්ල, පහත්ගම ප‍්‍රදේශයෙන් වාර්තාවී තිබේ. පෙරේදා (25 දා) රාත‍්‍රි 9.15 ට පමණ නිවසකට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු සුමේධ නමැත්තකු නිවසේ සිටිනවාදැයි නිවැසියන්ගෙන් විමසා ඇත.ඒ වනවිට සුමේධ නිවසේ නොසිටි අතර
ඔහුගේ බිරිඳ මව සහ සොහොයුරා එහි සිට ඇත. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනා නිවැසියන්ට ගිනිඅවි පෙන්වා මරණ තර්ජන කර සුමේධ පිළිබඳ තොරතුරු විමසද්දී එයා දැන් ගෙදර නෑ යයි සුමේධගේ බිරිය පවසා ඇත.තම සැමියා අලූතින් ඉදිකරන නිවසේ කටයුතු සොයා බැලීමට එහි ගිය බව ඇය ප‍්‍රකාශ කර තිබේ.

නමුත් පැමිණි දෙදෙනාට එම කතාව විශ්වාස නැතිව නිවසේ සිටි සොයුරා සුමේධ යයි සිතා ඇත.
ඒ අවස්ථාවේ සන්නද්ධ පුද්ගලයන් වයිබර් ඔස්සේ වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගෙන නිවසේ සිටි තරුණයා එම වීඩියෝ ඇමතුමේ සිටි පුද්ගලයාට පෙන්වමින් සුමේධ ඔහු දැයි විමසා ඇත.

නමුත් අනෙක් පසින් දන්වා ඇත්තේ ඒ සුමේධ නොවන බවය.
පසුව නිවසේ මංගල ඡායාරූපය පරීක්ෂා කර එය වීඩියෝවෙන් පෙන්වූ විට අනෙක් පස පුද්ගලයා ඒ සුමේධ තමයි කියා ඇත.
පසුව සන්නද්ධ පුද්ගලයන් සුමේධගේ බිරිඳට ගිනිඅවි එල්ලකර දරුවාට අසනීප බවට බොරු ඇමතුමක්දී සුමේධට නිවසට දැන්ම පැමිණෙන ලෙස දුරකථනයෙන් දැනුම් දෙන්නැයි තර්ජනය කර ඇත.
සන්නද්ධ පුද්ගලයන්ගේ නියෝග අනුව සුමේධගේ බිරිඳ ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී නිවසට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ඔහු එනතුරු නිවැසියන් බිම දණගස්වා ඇති අතර විනාඩි 10 ක් ගතවීමට පෙර ව්‍යාපාරිකයා තම රියදුරුද සමගින් යතුරුපැදියකිින් නිවසට පැමිණ යතුරුපැදියෙන් බසිනවාත් සමග සුමේධට  හා රියැදුරුට ඝාතකයින් වෙඩි තබා ඇත.
ඒ අවස්ථාවේ එක් සන්නද්ධ පුද්ගලයකු නිවැසියන් වෙත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය එල්ල කරගෙන සිටියදී අනෙක් සන්නද්ධ පුද්ගලයා ටී 56 ගිනිඅවියෙන් නිවස ඉදිරිපිට සිටි සුමේධට සහ ඔහුගේ රියැදුරුට වෙඩිතබා ඔවුන් ඝාතනය කර පලාගොස් ඇත.

ඝාතනයට ලක්වූ සුමේධ නමැත්තා මහා පරිමාණයෙන් පස් ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයෙකි. පෑලියගොඩ අලූතින් ඉදිකරන වෙළෙඳ සංකීර්ණයකට පස් සැපයීමේ ව්‍යාපාරය ද කරගෙන ගොස් ඇත්තේ සුමේධ විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

තම පළමු කසාදයේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව කියන පුද්ගලයකු ඉකුත් 2004 වර්ෂයේදී ඝාතනය කළ බවට සුමේධ නමැත්තාට

එරෙහිව චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා වර්ෂ 2014 දී සිදු කල එම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට
ඇප මත සිටි පුද්ගලයෙකු වන බවත් මීට දින කිහිපයකට පෙර කිසිවෙකු විසින් පෑලියගොඩ ප‍්‍රදේශයට පස් ලබා දීමක් සම්බන්ධයෙන් ලබා දුන් දුරකථන ඇමතුමක් මත දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව අවසානයේදී මරණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බැවින් මෙම ද්විත්ව ඝාතනය ව්‍යාපාරික ආරවුලක් මත සිදුවූයේ ද එසේත් නැත්නම් පවුල් ආරවුලක් මත සිදුවුණේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව පොලිසිය පවසයි.

එම කරුණු සහ ප‍්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පිලිබදව විමර්ශනය කර වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල පහත්ගම පදිංචිව සිටි 43 හැවිරිදි වාද්දුවගේ විජිත ප්‍රේමලාල් නොහොත් සුමේධ සහ ඔහුගේ රියැදුරු වූ 22 හැවිරිදි මුරුත්තෙට්ටු ගම්ලත්ලාගේ රවිඳු නමැති දෙදෙනාය.
විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.