නිදහස් වෙළඳ කලාපයක යම් කාර්යයක් සිදු වනවිට ඒ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ අවසරය සහ
පරිසර අධිකාරයේ නිර්දේශ ලබාගත යුතුව ඇති බවත්,
"2017 - 2018 කාලය තුළ කන්ටේනර් 241ක් එංගලන්තයෙන් ඇවිත් තිබෙනවා. මේවයින් කන්ටේනර් 130ක් කටුනායක හේලීස් ෆ්‍රී සෝන් තුළට ගෙනැවිත් තිබෙනවා. මෙවැනි දේවල් ගේන්න විශේෂ අවසරගත යුතුව තිබෙනවා. නමුත් 2013දී ගෙන ආ නියෝගයක් මගින් ආනයන අපනයන පාලන පනත සහ රේගු පනත අබිබවා මේ දේවල් ගෙන ඒම් හැකියාව ඇති වුණා. නමුත් පරිසර අධිකාරී පනතට අනුව නැවත භාවිත කළ දෙයක් (කසළ) ගේනවා නම්, අපෙන් අවසරය ගතයුතුයි.
මෙවැනි කසළ ගෙනඒමේදී එහි කාර්යභාරය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල අනුමැතිය ගතයුතුයි. ආයෝජන අ මණ්ඩලය අනුමත කරද්දී පරිසර අධිකාරයෙන් නිර්දේශ ලබාගත යුතුයි. එම නිර්දේශ අරගෙනත් නැහැ. මේ නිසා අපි මේ ආයතනයට නඩු පවරන්න කටයුතු කරනවා. ඒ වගේම මෙම කසළ කන්ටේනර් නැවත ඒ රටට යවන්න කියා අපි නියෝග කර තිබෙනවා” යැයිද පවසා සිටියේය.
-චාමර සම්පත්-