නැගෙනහිර පළාතේ ජනතාවත් මුස්ලිම් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන රැසකුත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද හිස්බුල්ලා මහතා සඳහන් කරයි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේසේ කීය.
"ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති
එම මුස්ලිම් ජනාධිති අපේක්ෂකයා විශාල මනාප සංඛ්‍යාවක් ලබා ගත යුතු වන අතර ඉන්පසු ඔහු වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා සිටින ජනාධිපති අපේක්ෂකයා හා සාකච්ඡා පැවැත්විය යුතුයි. එකී ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබාදී මේ රටේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව එමගින් තහවුරු කළ යුතුයි.
මුස්ලිම් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එමඟින් ඇති විය හැකි යහපත් - අයහපත් තත්ත්වයන් පිළිබඳව අප මේ වනවිට දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වමින් සිටිනවා. සමාලෝචනය කරමින් සිටිනවා. එහෙත් කවුරුන් ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැහැ. එය ඒ අවස්ථාවේ තීරණය කරනවා."
ලක්ෂ්මී ජයකොඩි