ඇමසන් වනාන්තරයේ හට ගෙන ඇති ගින්න මැඬ පැවැත්වීමට ශ්‍රී ලංකා රජයද සහාය දක්වන ලෙස
ඉල්ලමින් කිලිනොච්චියේ පරිසර සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන කීපයක් ඊයේ (27දා) කිලිනොච්චිය
කිලිනොච්චිය පරන්තන් කෘෂිකර්ම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලිකත්වයෙන් පැවැති මේ පා ගමන
කිලිනොච්චිය කරඩුපොක්කු හන්දියෙන් ආරම්භ වී නගරය කරා ගමන් කොට දිසාපති කාර්යාලය අසලින් අවසන් විණි.
මේ පා ගමනට සහභාගි වූ පිරිස් ශ්‍රී ලංකා රජයේ වගකිවයුත්තන් වෙත යැවීම පිණිස විශේෂ සන්දේශයක්
කිලිනොච්චිය දිසාපති කාර්යාලය වෙත භාරදී ඇති අතර එහි සඳහන් වන්නේ ඇමසන් වනාන්තරය බේරා
ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේද සහාය ලබාදිය යුතු බවට ඉල්ලීමකි.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ