පේරුහි කුස්කෝ නගරයේ බෙත්ලෙහෙම් නමැති මාර්ගයක් හරහා දිවෙන පාලමක් මතදී පෙම් යුවළක් සිප
වැළඳගන්නට යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මේබත් එස්පිනෝස් සහ ඇගේ පෙම්වතා වුණු හෙක්ටර් විදාලුය. සංචාරක මගපෙන්වන්නන් හැටියට රැකියාවේ නියැලීමට පේරූ රටට පැමිණ ඇති මේ යුවළ රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පාන්දර 1 ට පමණ පාලම මතට ඇවිද ගොස් එහි පැති වැටක් අසළ සිට සිප වැළඳගැනීමට පටන් ගෙන ඇති අතරවාරයේ දෙදෙනාගේ බීමත් ගතිය නිසා ඔවුන්ගේ සමබරතාවය ගැන කල්පණාවක් තිබී නැත.
සමබරතාව ගිලිහී පාලමේ වැටට උඩින් ඔවුන්ව පහළට ඇද වැටී දැඩි ලෙස තුවාල ලබා සිටි කාන්තාව අතරමගදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර පෙම්වතා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියා.
පේරු රාජ්‍යයේ රූපවාහිනී නාලිකා මෙම අනතුරේ සීසීටීවී ප්‍රසිද්ධ කර තිබුනේ පහත ආකාරයටය.