යුද සමයේදී අතුරුදහන් වූ තම පුතා සොයා දෙන මෙන් ඉල්ලා මුලතිව් දිසාපති කාර්යාලය ඉදිරිපිට

කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවයක නිරත වූ හැට නව හැවිරිදි පුද්ගලයෙකු ඊයේ  හෘදයාබාධයක්
වැළදී මිය ගොස් ඇති බව වාර්තාවේ. පසුගිය 2009 අප්‍රෙල් 14
වන දින ඔහුගේ පුතු අතුරුදන්ව තිබූ අතර පුතු සෙවීම ගැන බලධාරීන් අඩු උනන්දුවක් දක්වන බව ඔහුගේ පැමිණිල්ල විය. ඒ හේතුවෙන් කුඩාරමක් ගසාගෙන ඔහු උපවාසය අරඹා දැන් ටික කලකි.

මුලතිව් කණුක්කේණී ගම්මානයේ පදිංචි මොහු විරෝධතා කූඩාරමේ සිටියදී අසනීප වී ඇති අතර ඔහුව මුලතිව්
රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගිය බව වාර්තාවේ.


රසාදි චතුරංගි ගමගේ