https://www.gossiplankanews.com/2019/08/ntj-jmi-still-banned.html#more
දිසි නීතිය ඉවතට තවුහිද් ජමාත් තහනම අහෝසියි රඳවා සිටින ත්‍රස්තයින් 200කට නිදහස මැයෙන් අද දින දෙරණ 'සතිඅග අරුණ' පුවත්පතේ සඳහන් වාර්තාවට රජය ප්‍රතිචාර දක්වා තිබේ.
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කිරීම නිසා
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන්

සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් 200ක පමණ පිරිසක් සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවිය හැකි බවද
මැයි 13 වැනි දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය, (NTJ) ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් (JMI) වියලාන් අස් සෙයිලාන් යන සංවිධානවල තහනමටද අහෝසි වී යන බවට එහි කරුණු දක්වා තිබේ.

හදිසි නීතිය මාසිකව දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම පසුගිය මාසවල සිදුවූ නමුත් රට මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති නිසා හදිසි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැතැයි දන්වා මෙවර හදිසි නීතිය දීර්ඝ කිරීම සිදු නොවන බැවින් මේ තත්වය මතුව ඇති බව එම වාර්තාවේ පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මෙයට ප්‍රතිචාර දක්වා ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ දන්වා ඇත්තේ NTJ හා JMI ත්‍රස්ත සංවිධාන තහනම් කර ඇත්තේ හදිසි නීතිය සමග නොව වෙනත් ගැසට්ටුවක් පදනම් කරගෙන බැවින් එවැනි ලිහිල් කිරීමක් සිදුව නැති බවයි.