එළැබෙන සැප්තැම්බර් මාසයේ සිට පලාලි  ගුවන්තොටුපළින් කලාපීය ගුවන් ගමන් ආරම්භ කරන බව වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා  පැවසීය. පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර 
ගුවන්තොටුපළක් බවට පත්කිරීම්
වැඩකටයුතු මේ දිනවල සිදුකරගෙන යන බවත්, එහි ආරම්භක පියවරක් ලෙස කලාපීය ගුවන්ගමන් ආරම්භ කරන බවත් හෙතෙම සඳහන්  කළේය.

ඒ අනුව ඉන්දියාව ඇතුළු කලාපීය රටවල ගුවන්යානා පලාලි ගුවන්තොටුපළවල වෙත ගෙන්වා ගැනීම සඳහා පලාලි ගුවන්තොටුපළෙන් කලාපීය රටවල් සදහා ගුවන්ගෙමන් ආරමිභ කිරීම සැප්තැම්බර් මාසයේ සිට සිදුකිරිමට නියමිතය.  මේ අතර අදාළ ප්‍රමිතීන්ට අනුකුලව විදෙස් ගමනාත්ත වෙත පියාසර කෙරෙන
කලාපීය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා පලාලී ගුවන්තොටුපළ සහතික කරන
ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට, ප්‍රවාහන අමාත්‍යාංශය මගින් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ගුවන්තොටුපොළ නීත්‍යනුකූල කාර්යයන් සිදුකිරීම සහ දේශසීමා පාලන විධිවිධාන සකස් කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

-චාමර සම්පත්-