පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි පැටවුන්ට බෝතල්වලින් කිරි පෙවීමට එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මෙතෙක් අවස්ථාව ලබාදී තිබුණු නමුත් මෑතකදී සිට ඔවුනට එම අවස්ථාව අහිමි වී ගොස්
තිබේ. මේ හේතුව නිසා වසරකට රුපියල් දසලක්ෂ 120ක ආදායමක් රජයට අහිමි වී යන බව එහි සේවකයෝ පෙන්වා දෙති.

මෙම අලි අනාථාගාරය 1975 වසරේදී ආරම්භ කළේ එවකට කෑගල්ල මන්ත්‍රීවරයා සහ අමාත්‍යවරයකු ද වූ පී.බී.ජී. කලුගල්ලගේ සංකල්පයකට අනුවය. ආරම්භ කරන

මොහොතේදී මෙහි සිටි අලි ගණන හතකි. එහෙත් පසුගිය කාලයේදී මෙම අලි අනාථාගාරයේදී පැටවුන් හැත්තෑවක් ඉපදී ඇත.

පින්නවල අලි අනාථාගාරයේදී අලි පැටවුන්ට කිරි පෙවීමට හැකි බව ඡායාරූප සමග අන්තර්ජාලයේ පළවීමෙන් පසු විදෙස් සංචාරකයන් වැඩි වැඩියෙන් මෙහි පැමිණෙන්නට වූ බවද එහි සේවකයෝ පවසති.

එහෙත් පසුගිය වසර කිහිපය තිස්සේ කිරිපෙවීමේ අත්දැකීම ලබාගැනීම සංචාරකයන්ට අහිමිව තිබේ.

සාලිය ගමසින්න ආරච්චි - කෑගල්ල