ඖෂධ හිග බවට චෝදනා කරන  කිසිදු වෛද්‍ය සංගමයක් ඖෂධ  මිල අධික කාලයේ හෝ ඖෂධ ලබානොදෙන කාලයේ ඒ පිළිබද කථා නොකළබව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මතුගම වෑත්තෑව  දිසා රෝහලේ  බාහිර රෝගි අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය
ඇතුලු වාට්ටු සංකිරණ හා සායන ගොඩනැගිලි ජනතා අයතියට පත්කිරිමේ උත්සවයට සහාභාගිවෙමිනි.
වර්තමානයේ ඖෂධ සංගම් වලට රෝගින් සුරාකෑමේ අවස්ථාවද තමන් නවතා ඇති බවත් ඖෂධ වර්ග 73 ක මිල අඩුකර ඇති බවත් තවත් රැසක මිල ඉදිරියේදි අඩුකරන බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් අවධාරනය කළා.
ඇමතිවරයා මෙසේ කීය.
එදා පිළිකා රෝගින්ට ප්‍රථිකාර කිරීම රැපියල් ලක්ෂ පහ‍ළොවට සිමාකරලයි තිබුනේ. නමුත් අද ඒ සිමාමායිම් නොතකා  පිළිකා රෝගින්ට ප්‍රථිකාර කරනවා. සමහර රෝගින්ට ලක්ෂ පන්සියයක් ඉක්මවා ප්‍රථිකාර කරන අතර එවැනි රෝගින් රැසක් අද ජිවත් වෙනවා. මෙවැනි  සේවාවන් ගැන කතා නොකරන එම වෛද්‍ය සංගම්, හදිසියේ ඇතිවන ඖෂධ හිගය ගැන පමණක් චෝදනා කරනවා.