ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළලේගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබූ අතර පිනිසුරු මඩුල්ලේ සංයුතිය නිසි පරිදි
නොවීම හේතුවෙන් නඩු විභාගය අද (6) ට කල් තැබිණි. විශ්‍රාමලත් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රයේ මයේ සඳහන් වේ. විත්තිකරු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රව්‍යදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේත්තු මන්ත්‍රීවරයකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග්‍රමාත්‍ය නිල නිවෙස වන
මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනයන්හි අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප්‍රකාශ පෙන්වා ඇත. ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලේ මතය වී ඇසේ පැමිණිලිකාර පාර්ශ්වයේ ප්‍රකාශ අදාළ විඩියෝ පටයේ සඳහන් වන බවය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම
සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහි පැමිණිල්ල විභාගයට ගැනීමට මිනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
මෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම් සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දක්වා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉකුත් ජුනි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම
ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් කියවා බාර දෙන ලදී. පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරු පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බවයි.
මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳවැටෙන බවත් ඒ හරහා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරු කියා සිටී. මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඩුවම් පමුණුවන ලෙස ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා ද නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සහ රජයේ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය ද පෙනී සිටියහ.
-තිලිණි ද සිල්වා-