මේ හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් කඩුළු 87 ක් දවා තිබූ දක්ෂ ක්‍රීඩකයෙකුගේ ක්‍රිකට් දිවියට තිත තැබුණි.
කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ ඔහු තම අහිමිවූ වරම වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතුවේය.
ඔහුගේ ඉල්ලීම් අනුව තහනම යළි සලකා බලන ලෙස එරට උපරිමාධිකරණය
ඒ අනුව තරඟ තහනම 2013 සිට වසර හතක කාලයක් දක්වා අඩුකර ඇති අතර එම තහනම ලබන 2020 වසරේ සැප්තැම්බර් මස 13 වන දිනෙන් අවසන් වීමට නියමිතය.
"මම ඉතා සතුටට පත්වෙනවා. මා වෙනුවෙන් යාඥා කළ අයට මෙන්ම සෑම සුභ පැතුමකටම ස්තූතියි. මට දැන් වයස අවුරුදු 36 යි. ලබන වසරේ මට වයස අවුරුදු 37 යි. මට ටෙස්ට් කඩුලු 87 ක් තිබෙනවා පමාවූ මගේ වෘත්තීය දිවියත් සමඟ ටෙස්ට් කඩුලු 100 ක ඉලක්කයක් ගන්න දැන් හැකිවේවි. මට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නැවත පැමිණිය හැකි බව මට විශ්වාසයි. විරාත් කෝලි යටතේ ක්‍රීඩා කිරීමට මට අවශ්‍යයි. ”ශ්‍රීෂාන්ත් මාධ්‍යයට පැවසීය.