කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ල පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාලව ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය ඊයේ (01) පස්වරුවේ වත්මන් රජයේ
ආයතනවල සිඳුවී ඇතැයි කියන දූෂණ වංචා
සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත.

අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට සබීතා පෙරේරා මහත්මියගෙන් ප්‍රශ්න කර, මෙසේ ප්‍රකාශයක් සටහන් කරගත් බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.‍

 කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට
ඊයේ පැමිණෙන ලෙසට කොමිසම සබීතා පෙරේරා මහත්මියට දැනුම් දී තිබුණද තමාට ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා තිබිණි. ඒ අනුව ලබන සඳුදා (05) එහි පැමිණෙන ලෙස කොමිසම ඇයට දන්වා ඇත.

කලස් වෙතත් ඇය ඊයේ පස්වරු 3.30ට පමණ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි බවත්, එහිදී පොලිස් නිලධාරින් ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බවද කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.


(තිළිණි ද සිල්වා )