ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක වෙනුවෙන් මාධ්‍ය ප‍්‍රකාශකවරු දෙදෙනෙක් පත් කළ බව එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර දන්වා ඇත.
ඊයෙ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බව දන්වා තිබේ.
මේ දක්වා ගෝඨාභය වෙනුවෙන් පුද්ගලයින් ගණනාවක් මාධ්‍ය හමු පවත්වා තිබූ අතර ඇතැම් අය එම පක්ෂය නියෝජනය නොකළ අය වීමද විශේෂිතය.