තිබී ඇති බව වාර්තාවේ.
මෙසේ දිවි නසාගත්තේ පොලොන්නරුව අත්තනකඩවල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ඉංජිනේරු සෙබළ ප‍්‍රසන්න මනෝජ් මධුසංක නමැති යුද හමුදා සෙබළෙකි. හෙතෙම කොටුව ආරක්‍ෂක අමාත්‍යාංශයට යාබද යුද හමුදා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටියේය. ඔහු පෙරේදා (13 දා) රාත‍්‍රි රාජකාරියේ යෙදී සිටියදී අලූයම 4.10 ට පමණ
වෙඩි තබාගත් සෙබළා සිය පෙම්වතිය සමග අමනාපයෙන් පසුව ඇති බවත් වෙනත් සම්බන්ධයක් සැලවීම නිසා කලකිරීමකින් සිටි බවත් පැවසෙන අතර ඒ සම්බන්ධයෙන් ඇය සමග එස්එම්එස් මාර්ගයෙන් සාකච්ඡා කර ඇත.
ඔහුට අයත් ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී ‘‘මගේ උපන් දිනය දා ඔයාට අමුතු තෑග්ගක්’’ ඇතුළු වැකි කිහිපයක් අවසන් වරට සටහන් කර පෙම්වතියට එස්.එම්.එස්. පණිවුඩයක් යවා තිබෙන බව හෙළිව ඇත. වෙඩි තබාගත් සෙබළාගේ 27 වැනි උපන්දිනය ද ඊයේට යෙදී තිබූ බව වාර්තාවිය.
වෙඩි තබාගත් සෙබළාගේ සේවා කාලය වසර තුනකුත් මාස 10 කි. මේ ගැන වැඩිදුරටත් විමර්ශන සිදුවේ.