https://www.gossiplankanews.com/2019/08/student-love-story-damunupola.html#more
මුණුපොළ, වඳුරාදෙණිය ප්‍රදේශයේ 16 වියැති තරුණයෙක් අසල නිවෙසක පදිංචි එම වයසේම පාසල් ශිෂ්‍යාවක් රැගෙන ගියා යැයි පවසමින් ශිෂ්‍යාවගේ ඥාතීන් තරුණයා අල්ලා පහරදී ගස් බැඳ ඊයේ (27දා) අලුයම පොලිසියට භාරදී තිබේ. මෙලෙස කෑගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, දමුණුපොළ, වඳුරාදෙණිය ප්‍රදේශයේ  පාසල්යාම හමාර කළ තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගෙන ඇති තරුණයා පාසල් ශිෂ්‍යාව සමඟ මීට මාස කිහිපයකට ඉහතදී
ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබූ බවයි.

මේ පාසල් ශිෂ්‍යාවගේ මිත්තණිය (කිරි අම්මා) ඇය පදිංචිව සිටින නිවෙසට යාබද නිවෙසක පදිංචිව සිටියි. පාසල් ශිෂ්‍යාව මිත්තණියගේ තනි නොතනියට කුඩා කල සිට ඇගේ නිවෙසේ පදිංචිව සිටින බව පොලිසිය කියයි. කුඩා කල සිටම මේ ශිෂ්‍යාව

රාත්‍රියට මිත්තණිය සමඟ එකම ඇඳේ නිදා ගන්නා බවද පොලිසිය කියයි.

මේ පාසල් ශිෂ්‍යාව මාස කිහිපයක සිට අසල්වැසි නිවෙසක පදිංචි මේ කියන පාසල් නොයන 16 හැවිරිදි තරුණයා
සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබිණි.

පෙරේදා 26දා දහවල් පාසල් ශිෂ්‍යාවට තරුණයා ප්‍රකාශ කර ඇත්තේ තමන් මධ්‍යම රාත්‍රි නිවෙසට පැමිණෙන බවත් කිරි අම්මාට හොරෙන් නිවෙසින් පිටතට පැමිණෙන ලෙසත්ය. මධ්‍යම රාත්‍රි 11ට පමණ තරුණයා පාසල් පෙම්වතියගේ නිවෙසට ගොස් තිබිණි. එම අවස්ථාවේදී මිත්තණියත් පාසල් ශිෂ්‍යාවත් පෙර පරිදිම එකම ඇඳේ නින්දට ගොස් තිබිණි. මිත්තණිය ඒ වන විට නින්දට ගොස් තිබුණු අතර පාසල් ශිෂ්‍යාව සිය පෙම්වතා පැමිණෙන තුරු අවදිව සිට ඇති බව පොලිසිය කියයි. පසුව තරුණයා නිවෙසට පැමිණි බව පාසල්
ශිෂ්‍යාවට දුරකථනයෙන් කෙටි පණිවුඩයක් ලබාදී තිබිණි. පසුව ශිෂ්‍යාව තමා ඇඳේ සිටින බව හඟවා මිත්තණිය අසලින් දිගට කොට්ට තුනක් තබා කොට්ට තුනම වැසෙන පරිදි රෙද්දක් පොරවා ඇය නිවෙසහෙි ‍දොර විවෘත කර පැමිණ සිටි තරුණයා සමඟ පැන ගොස් තිබිණි.

මිත්තණිය සුළු වේලාවකට  පසු ඇහැරී සිය මිනිබිරිය සිටිනවා දැයි  අතගා

බලන අවස්ථාවේදී ඇය ඇඳේ නොසිටි බවත් කොට්ට තුන පමණක් පොරවා නිවෙසින් පිටව ගොස් තිබූ බවත් වැටහී තිබේ.
පසුව මිත්තණිය මේ බව අසල පදිංචි මවුපියන්ට දන්වා තිබිණි. පසුව ශිෂ්‍යාවගේ මවුපියන් හා ඥාතීන් අලුයම ඉඩම අවට සෝදිසි කිරීමේදී මේ යුවළ වනළැහැබක සැඟව පෙම්සුව විඳිමින් සිටියදී සොයා ගෙන තිබිණි. පසුව තරුණයාට පාසල්
ශිෂ්‍යාවගේ මවුපියන් විසින් පහරදී ගස් බැඳ 119 හදිසි දුරකථන අංකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර තිබිණි.

පසුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් දයානන්ද (16241) නිලධාරියා සිද්ධිය වූ නිවෙසට ගොස් තරුණයා අත්අඩංගුවට ගෙන කෑගල්ල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණි.  

දමුණුපොළ - චමින්ද ජයලත්