දණහිසේ ආබාධයක් හේතුවෙන් මඳ කලක් ක්‍රීඩාවෙන් විවේකගෙන සිටි ඇමෙරිකානු ගොල්ෆ් ශුර ටයිගර් වුඩ්ස් එළඹෙන ඔක්තෝබරයේදී නැවතත් ගොල්ෆ් පිටියට පැමිණිමට තීරණය කර තිබේ. වුඩ්ස්ගේ දණහිසේ
ආබාධය සඳහා සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව වුඩ්ස් වෘත්තීය ගොල්ෆ් ශුරයන්ගේ සම්මේලන (PGA) තරගාවලිය යටතේ ඔක්තෝබර් මස (24 -27) ජපානයේදී පැවැත්වෙන "ZOZO" තරගාවලියට සහභාගි වීමට සුදානමින් සිටී.
ගොල්ෆ් ඉතිහාසයේ බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් අවිවාදයෙන්ම කිව හැකි වුඩිස් මේ දක්වා ලොව ප්‍රධාන පෙළේ ගොල්ෆ් තරගාවලි 15කම ශුරතා හිමිකරගෙන තිබේ.
කලක් සිය පෞද්ගලික දිවියේ මෙම ගොල්ෆ් පිටියේද ශීඝ්‍ර පසුබෑමකට මුහුණ දී සිටි වුඩිස්, 2017 වර්ෂයේදී එහි උච්චතම අවස්ථාවට පත්වූයේ ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්හි 193 වැනි ස්ථානයට පත්වෙමිනි. කෙසේ වෙතත් නැවතත් ක්‍රම ක්‍රමයෙන් එහි ඉහළට පැමිණීමට වුඩිස්ට හැකිවූ අතර, මේ වසරේ අප්‍රේල් මසදී ඔහු ශ්‍රේණිගත කිර්ම්හි 06 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
ඕෂිත වරකපිටිය