විකුණගැනීමට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබෙන බවත්, මේ නිසා සමහර ප්රදේශවල ගොවීන් වගාවලින් ඉවත්වෙමින් තිබෙන බවත් වාර්තා වේ.
පොල් ගෙඩියක තොග මිල රුපියල් විසිපහ දක්වා අඩු වීම නිසා පොල් වගාකරුවන් අසරණ තත්ත්වයකට පත්ව තිබෙන අතර, එයට හේතු වී තිබෙන්නේ
ලැබෙන තොග මිලදී ගැනීමට වෙළෙඳුගේ පැමිණීම අඩුවීම හා සාපේක්ෂව මිලදීගත්නා ප්රමාණය අඩුවීම නිසා තොග මිල පහත වැටී තිබෙන බවද ඔහු පවසා සිටී. සිල්ලර වෙළදාම පහත වැටීම නිසා මෙම තත්වය ඇති
වී තිබෙන අතර, මේ වනවිට ගෝවා කිලෝවක් රුපියල් 20 දක්වාත්, පොල් ගෙඩියක තොග මිල රුපියල් 25 දක්වාත් පහත වැටී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වාත්, ලීක්ස් කිලෝවක මිල රුපියල් 20 දක්වාත්, බීට්රූට් කිලෝවක මිල රුපියල් 30 දක්වාත්, තක්කාලි කිලෝවක මිල රුපියල් 60 දක්වාත්, අමුමිරිස් කිලෝවක මිල රුපියල් 150 දක්වාත්, දෙහී කිලෝවක මිල රුපියල් 200 දක්වාත් පහත වැටී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
-ඉන්දික හේවාවිතරණ-