කෙසේ වෙතත් මෙම සමුළුව පැවැත්වුණු පසුගිය ජූලි මස 08 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලය තුළ ඇය නිල රාජකාරී කටයුතු කර තිබුණේ ජාතික දැල්පන්දු කණ්ඩායමේ වෛද්‍යවරිය ලෙසයි. ඒ එංගලන්තයේ ලිවර්පුල් නුවර පැවැති ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ
වෙද්‍යවරිය ලෙසය.
ඇයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරිය ලෙස රාජකාරී කිරීම නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද රු. ලක්ෂ 08කට ආසන්න මුදලක්
ගෙවා ඇතැයි වාර්තා වන අතර, ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව මෙවැනි මුදලක් අනුමත කළේ
කෙසේ වෙතත් මෙම වසයර් ජුලි මස 01 වැනිදා සවස 06.00ට ශ්‍රී ලංකා ක්‍රිකටි ආයතනයේ පැවති විධායක කමිටු රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත රු. ලක්ෂ 07කට ආසන්න (රු. 690,100) මුදලක් ඇයට අනුමත කර තිබේ. ඒ ගුවන් ගමන් ගාස්තු, සහභාගි වීමේ ගාස්තු සහ විදෙස් ගමන් දීමනාව ඒ සඳහා අනුමත කරමිනි.
මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරියගෙන් විමසීමක් කළ අතර, ඇය පැවසුවේ එම මුදල් ක්‍රිකට් ආයතනයෙන් ලබා නොගත් බවයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කර සිටියේ ඇය එම මුදල් ක්‍රිකට් ආයතනයෙන් ලබාගෙන ඇති බවයි.
මේ සඳහා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට ඇයව නිර්දේශ කර ඇත්තේ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාය. ඒ බව විධායක කමිටුවේ ලේඛන පිරීක්සීමේදීද සනාථ විය.
මෙහිදී පැන නගින ගැටලුව වනුයේ ඇගේ මෙම ගමන සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදුන්නේ කවුරුන්ද යන්නයි. අනෙක් ගැටලුව වනුයේ ඇය පවසන පරිදි මෙම මුදල් ඇය ලබාගෙන නොමැති නමි ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්නයි.
- පැතුම් ශ්‍රී විජේරත්න