එම වැඩිහිටියන් අතුරින් මේ වනවිට වැඩිහිටියන් 400 දෙනෙකු සඳහා රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ එම්.එම්.කේ. ක්‍රිශාන්ත මහතා පැවසිය.
ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ජාතික රෝහලේ අපස්මාර ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකට ඊයේ
ලොව පුරා වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යන අතර, 2050 වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයේ 29%ක් වැඩිහිටියන් බවට පත්වනු ඇති බවව බලාපොරොත්තුවේ.
මේ හේතුවෙන් වැඩිහිරි සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ඇති කිරීමේ වේදයක් සකස් කර ඇති බවත් හෙතම සඳහන් කළේය.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ක්‍රිශාන්ත මහතා,
“2019 ජනවාරී මාසයේ සිට තමයි මේ රුපියල් 5,000 දීනොව ලබාදෙන බව රජය විසින් ප්‍රකාශයට පත් කළේ. එලෙස ප්‍රකාශයට පත් කළායින් පසුව මුල් මාස කිහිපයේදී 380ක් පමණ ඉල්ලුම් කළා. ක්‍රමක් ක්‍රමයෙන් එය 470ක් පමණ වුණා.දැනට තිබෙන දත්ත අනුව 573ක් ඉන්නවා ඇතැම්විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. නමුත් 400 පමණයි මෙතෙක් දීමනාව ලබාදීමට හැකි වෙන්නේ.
මොකද මේ වර්ෂය සඳහා රුපියල් මිලියන 22යි වෙන්වෙලා තිබෙන්නේ. අරමුදල් වැඩි කිරීම් සඳහා අපි කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබෙනවා”යනුවෙන් පවසා සිටියේය.