අවසන් කටයුතු මහා පදලංගල ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා ප්‍රදේශවාසීන්ගේ සහගිත්වයෙන් ඉකුත් 11දින ඇඹිලිපිටියේදී සිදුකරනු ලැබිණි.
මියගිය පියදාස මහතාගේ උපන් දිනය 1910 ජනවාරි 13 ලෙස සඳහන්ය. වැඩිහිටි හැඳුනුම්පතක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කර ඇති අතර ඒ
දරුවන් නව දෙනකුගේ පියකු වන පියදාස මහතා ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේ පියදාස කපු මහත්තයා යන නාමයෙනි. පියදාස කපු මහතාගේ බිරිය හා දරුවන් දෙදෙනෙකු මිට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ වැඩිමහලු දියණිය හැත්තෑ පස් හැවිරිදි වියෙහි පසුවන අතර බාල පුත්‍රයා පනස් දෙහැවිරිදිය..
කතරගම මහා දේවාලයේ කපු මහතා ලෙස සේවය කර ඇති පියදාස මහතා පසුව දෙවුන්දර දේවාලයේ අම්බලන්තොට, බෝලාන, සියඹාලගස්විට , මහනුවර යන ප්‍රදේශවල පිහිටි දේවාලයන්හි කපු මහතකු වශයෙන් කටයුතු කර ඇත. තම පියා මීට දින හයකට පමණ පෙර අසනීප තත්ත්වයකින් පෙළුණු බවත් ඒ අවස්ථාවේ වෛද්‍යවරයෙක් හා හෙදියන් කිහිප දෙනකු නිවෙසට පැමිණ ප්‍රතිකාර ලබාදුන් බවත්ය මියගිය පියදාස මහතාගේ බාල පුත්‍රයා වන පී.එල්.ඒ. මහින්දපාල මහතා පැවැසීය.
තම පියාට මුනුපුරූ මිනිපිරියන් පනහකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් පියා මිය යන තෙක්ම හොඳ කල්පනා ශක්තියකින් ජීවත් වූ බවත් ජිවත්ව සිටින කාලයේ තම දරුවන් ඇතුළු සියලුදෙනාට මෙම ප්‍රදේශයේ කිසිවකුගේ සිත රිදෙන ආකාරයේ වචනයක්වත් පවසා නොමැති ඒ මහතා සමාජ සේවකයෙක් ලෙස විශාල සේවාවක් සිදුකරමින් ජනාදරයට පත්ව සිටි අයෙකි.
-සිසිර පීල්ලදෙනිය-