බළන්ගොඩ නගරයට තරමක් දුරින් පිහිටි ගල්,කොරියක කැඩී ආ කළු පතුරක අඹ තේස් වර්ගයේ කුඩා මැණික් ගල් 1200ක් පමණ ඇලී තිබූ අවස්ථාවක් දැක ගැනීමට හැකිය. බළන්ගොඩ ප්‍රදේශයේ වසර 12ක් පමණ මැණික් වෙළෙඳාමේ නියුතු කේ.ඒ.ඩි.ඊ.
ජෝර්ජ් මහතා
තමන් මිලදීගෙන තිබූ මෙම මැණික් ගල් ඇලී තිබෙන ගල් පතුර ගැන අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. මැණික් ගල් හමුවන්නේ බොහෝ විට ගංග පතුලෙන් හෝ මැණික් ඉල්ලම් සහිත මැණික් පතලීන්.විශාල කළුගල් කෝරියකින් මෙවැනි දේ හමුවීම දුලබයි. එහෙත් මෙම මැණික් ගල් ඇලී තිබෙන පැත්තට විරුද්ධ පැත්ත තනි කළුගල් පතුරකි.මී වදයක් වැනි මෙම මැණික් ගල් ඇලී තිබන ගල් පතුරු ග්‍රෑම් 450ක බරින් යුක්තය.දෙඵම් ඇටයක මෙන් ළා රෝස පාට වර්ණයෙන් යුතු අඹන්සේ ගල් ඉතා අලංකාරයෙන් පරිපූර්ණය.

 බළන්ගොඩ-පියසේන එන්. හේවගේ