යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ පැවසීය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100ක් මේ වනවිට අත්හිටුවනු ලැබ ඇතැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම ගිණුම්වල
සැකකරුවන් සතුව තිබූ රුපියල් මිලියන 20කට අධික මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ පොලිස් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. මෙම ත්‍රස්තවාදී සැකකරුවන් සතුව ඇති බිලියන 7ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒවා අක්‍රිය කිරීම සඳහා අවශ්‍ය විමර්ශන සිදුකරමින් පවතින බවත් ඔහු පැවසීය.
මෙම දේපළ අතර ඉඩම්, ගොඩනැගිලි හා නිවාස ඇති බවත් එම දේපළ තහනම් කිරීමට අවශ්‍ය පරික්ෂණ සිදුකරමින් පවතින බවද ඔහු සඳහන් කළේය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් භාවිතා කළ හා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන පුද්ගලයන් භාවිතා කළ බව කියන දුරකත අංක 2919 ක් සහ ඉමි අංක 167ක් විශ්ලේෂණය කරමින් පවතින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. පොලිස් මූලස්ථානයේ ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු සඳහන් කළේය.
-ඉන්දිකා රාමනායක-