ලෝකයේ විශාලතම පොත් සල්පිල වශයෙන් ප්‍රකට බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම කටයුතු සංවිධානය කර තිබේ. ඔක්තෝබර් මස 18 සිට 27දා දක්වා දින 10ක් පුරා ප්‍රදර්ශන හා සමිමේලන මධ්‍යස්ථානයේදී (SLECC)ඇරඹෙන ප්‍රදර්ශනය, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා
උදැසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වාත්,
සිකුරාදා සිට ඉරිදා දක්වා අඛණ්ඩව පැය24 පුරාත් විවෘතව පවතී. සාහිත්‍ය මාසය අවසන් වීමෙන් අනතුරුව පොතපත පිළිබඳ උනන්දුවක් දක්වන ලොකු කුඩා සැමට 50% - 90%, අතර විශාල වට්ටම් සහිතව ලෝකයේ තිබෙන ඉහළම වටිනාකමකින් යුතු පොත් බිග් බෑඩ් වුල්ෆ් තුළින් මිලදී ගත හැකිය.
ශ්‍රී ලාංකේය පාඨකයන් විසින් ඉතා ඇලුම් කරන මෙම ඉතා දුර්ලභ සීමිත පිටපත් සංඛ්‍යාවලින් යුතු විශිෂ්ට ගණයේ ඉංග්‍රීසි පොතපත මිලදී ගැනීමට යායුතුම තැන ලෙසද බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියව පවතී.
බීග් බඩ් වුල්ෆ් විසින් සාහිත්‍ය කලාව, ඉතිහාසය, ව්‍යාපාරික, ආගමික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණික, ඉවුම් පිහුම් ආදී බොහෝ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ලක්ෂ පහළොවකට අධික පොත්පත් ප්‍රමාණයක් මෙවර පාඨක ඔබ වෙනුවෙන් වෙන්කර ඇති බව දැනුම් දෙයි.
- ෂමිල පෙරේරා