ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මත පාරිභෝගික අධිකාරිය මගින් ආනයනික කිරිපිටි මිල අද(24) සිට
වැඩිකර තිබේ.

අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝවේ පැකට්ටුවක් රුපියල් 50කින් ඉහළ දමා ඇත.
 කිරිපිටි මිල වැඩිකිරීමට පසුගිය කාලයේ සමාගම් ඉල්ලා තිබුණත් අවසරය ලැබී නොතිබුණ නමුත් ජීවන වියදම් කමිටුවේ නිර්දේශය මේ සම්බන්ධයෙන් ලැබීම නිසා දැන් අවසර ලබාදී තිබේ.
සාමාන්‍යයෙන් මැතිවරණ ආසන්නයේ කිරි පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අඩුවීම සිදුවුවත් මෙවර වැඩිවීමක් සිදුව ඇත.