බාල පෙට‍්‍රල් ශ‍්‍රී ලංකාවට සැපයීම සම්බන්ධයෙන් ඉකුත් 2012 වසරේදී අසාදු ලේඛන ගත කළ සිංගප්පූරු සමාගමකට 2020 වසරේ මැයි 31 දින දක්වා මෙරටට පෙට‍්‍රල් බැරල් 900000 ක් සැපයීමේ දීර්ඝ කාලීන
කොන්ත‍්‍රාත්තුවක් ලබාදීමට පෙරේදා රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

 මෙම සමාගම බාල පෙට‍්‍රල් සැපයීම හේතුවෙන් මෙරට රථවාහන රැසක එන්ජින් අක‍්‍රිය වූ අතර, එහිදී අදාළ රථවාහන සඳහා වන්දි ප‍්‍රදානය කිරීමට ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවිය.

 ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට 2020 වසරේ මැයි මස 31 වැනිදා දක්වා දීර්ඝ කාලීන ඉන්ධන සැපයීමේ කොන්ත‍්‍රාත්තුව මෙම සමාගමට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත්තේ ඛනිජ තෙල් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුවය.

 මේ සමගම ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට 2020 මැයි මස 31 වැනිදා දක්වා මෙරටට ඞීසල් බැරල් මිලියන 1.04 ක් සහ ජෙට් 1 ඉන්ධන බැරල් මිලියන 1.28 සැපයීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට දීර්ඝ කාලීන කොන්ත‍්‍රාත්තුවක් ලබාදිමට ද කැබිනට් අනුමැතිය හිමි වී ඇත.


 සමන් ගමගේ