මහජනයා සඳහා කාලගුණ අනාවැකිය
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.
දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු, සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල
ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද
වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ,උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.